team_img_big
S PAULRAJ

කැලණිය විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂාව පිලිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන එස්. පෝල්රාජ් මහතා රුහුණ විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂා උපදේෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී උපකාර පන්ති ගුරුවරයෙකු ලෙස සිය භූමිකාව ඇරඹුවේය. යුද්ධය අවසන් වීමට පෙර දෙමළ භාෂාව ඉගෙනීමට දකුණේ ජන සමාජය තුළ එතරම් උනන්දුවක් නොවූවද පසුව දෙමළ භාෂාවෙහි අඩුව තදින් දැනුනද එය ඉගැන්වීමට හැකි තරම් අයෙකු නොසිටි කාල වකවානුවක කුඩා කණ්ඩායම් වලින් ආරම්භ කල පන්ති මොහුගේ දක්ෂතාවය සහ දැනුම නිසා අද වන විට දිවයින පුරා දහස් සංඛ්‍යාත සිසුන් සහභාගී වන පාඨමාලාව බවට පත් වී ඇත. පෙරදී විෂය නිර්දේශයේ අත්‍යාවශ්‍ය විෂයක් නොවූවත් අද වන විට දකුණුලක දහසක් සිසුන්ගේ ප්‍රියතම විෂ‍ය දෙමළ බවටත් ප්‍රියතම ගුරුවරයා එස්. පෝල්රාජ් බවටත් පත් කිරීමට මොහු සමත් වී ඇත. පාසල් සිසුන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් දහස් ගණනකගේ රැකියා සිහින සැබෑ කරගැනීමට දෙමළ භාෂා දැනුම ලබා දෙමින් මෙම අසහාය භාෂා ගුරුවරයා උතුර දකුණ යා කරන භාෂා පාලම බවට පත්වී ඇත.

shape1
shape2
shape3
shape4
shape5
shape7